-
1 ලේකම් 9:10-13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 පූජකයන් අතරේ යෙදායා, යෙහෝයාරිබ් සහ යාකින්+ හිටියා. 11 සැබෑ දෙවියන්ගේ ගෘහයේ අධිපතියෙක් වුණ අහිතුබ්ගේ පෙළපතින් ආපු හිල්කියාගේ පුතා වුණ අෂරියාත් හිටියා. හිල්කියා මෙෂල්ලම්ගේ පුතා. මෙෂල්ලම් සාදොක්ගේ පුතා. සාදොක් මෙරායොත්ගේ පුතා. මෙරායොත් අහිතුබ්ගේ පුතා. 12 එයාලා අතර අදායා සහ මයසයිත් හිටියා. අදායා යෙරොහාම්ගේ පුතා. යෙරොහාම් පෂ්හූර්ගේ පුතා. පෂ්හූර් මල්කියාගේ පුතා. මයසයි අදියෙල්ගේ පුතා. අදියෙල් යාෂේරාගේ පුතා. යාෂේරා මෙෂල්ලම්ගේ පුතා. මෙෂල්ලම් මෙෂිල්ලෙමිත්ගේ පුතා. මෙෂිල්ලෙමිත් ඉම්මේර්ගේ පුතා. 13 එයාලාගේ සහෝදරයොත් ඒ අය අතර හිටියා. එයාලා හැමෝම පෙළපත්වල ප්රධානීන්. එයාලා 1,760දෙනෙක් හිටියා. ඒ හැමෝම දක්ෂ, සැබෑ දෙවියන්ගේ ගෘහයේ සේවයට යොදාගන්න පුළුවන්, විශ්වාසවන්ත අය.
-