-
එස්රා 4:1-3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 නිදහස් වෙලා ආව අය+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් මාලිගාවක් හදනවා කියලා යූදා සහ බෙන්ජමින්වරුන්ගේ සතුරන්ට+ ආරංචි වුණා. 2 ඒක දැනගත්ත ගමන්ම එයාලා සෙරුබාබෙල් සහ පෙළපත්වල ප්‍රධානීන් ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “ඇසිරියාවේ රජ වුණ ඒසර්හද්දොන්+ අපිව මේ දේශයට ගෙනාපු කාලේ+ ඉඳලා මේ වෙන කල් අපි නමස්කාර කරන්නේ ඔයාලාගේ දෙවියන්ට.+ පූජා ඔප්පු කරන්නෙත් ඔහුටයි. ඉතින් මේ මාලිගාව ගොඩනඟන වැඩේට ඔයාලා එක්ක එකතු වෙන්න අපිටත් ඉඩ දෙන්න.” 3 ඒත් සෙරුබාබෙල්, යේෂුවා ඇතුළු ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන් එයාලට මෙහෙම කිව්වා. “අපිත් එක්ක එකතු වෙලා අපේ දෙවියන්ට මාලිගාවක් ගොඩනඟන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ.+ පර්සියාවේ රජ වන සයිරස් අපිට නියෝග කරපු විදිහට අපි තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ මාලිගාව ගොඩනඟන්නේ.”+
-