-
උත්පත්ති 20:6, 7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 එතකොට සැබෑ දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මම දන්නවා ඔයා මේක දැනගෙන කරපු දෙයක් නෙමෙයි කියලා. එයාට අත තියලා මට විරුද්ධව වරදක් කරන එකෙන් මං ඔයාව වැළැක්වුවේ ඒ නිසයි. 7 දැන් ඒ මනුස්සයාගේ බිරිඳව එයාට ආපහු භාර දෙන්න. එයා මගේ අනාගතවක්තෘවරයෙක්.+ එයා ඔයා වෙනුවෙන් මට කන්නලව් කරයි.+ එතකොට ඔයාගේ ජීවිතේ ආරක්ෂා වෙයි. ඒත් ඔයා එයාගේ බිරිඳව ආපහු භාර දුන්නේ නැත්තං ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඔයායි, ඔයාට අයිති හැමෝමයි මැරෙනවා.”
-
-
මතෙව් 27:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 පිලාත් විනිශ්චයාසනයේ ඉඳගෙන ඉද්දී එයාගේ බිරිඳ එයාට මේ පණිවිඩය එව්වා. “ඒ ධර්මිෂ්ඨ මනුස්සයාට මුකුත්ම කරන්න යන්න එපා. මොකද ඊයේ රෑ මං එයා ගැන ගොඩක් බය හිතෙන හීනයක් දැක්කා. අද දවස තිස්සේම ඒක මගේ හිතට හුඟක් වධ දුන්නා.”
-