-
ක්රියා 1:16-20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 “සහෝදරයෙනි, යේසුස්ව අත්අඩංගුවට ගත්ත අයට මඟ පෙන්නපු යූදස්+ ගැන දාවිත් දෙවියන්ගේ බලය මාර්ගයෙන් අනාවැකියක් කියලා තිබුණා.+ ඒ හැම දෙයක්ම ඒ විදිහට වුණේ ලියලා තිබුණ දේ ඉටු වෙන්න ඕනෙ නිසයි. 17 යූදස් අපිත් එක්කම හිටපු කෙනෙක්.+ අපිත් එක්ක එකට සේවය කරන්න එයාවත් තෝරගෙන තිබුණා. 18 (ඒ මිනිහා එයා කරපු දුෂ්ට දේට ලැබුණ කුලියෙන් පිට්ටනියක් මිල දී ගත්තා.+ එයා උඩ ඉඳන් වැටෙද්දී ඉස්සෙල්ලාම එයාගේ ඔළුව පොළොවේ වැදුණා. ඊටපස්සේ එයාගේ බඩ පැළිලා බඩවැල් ඔක්කොම එළියට ආවා.+ 19 ඒ සිද්ධිය ගැන යෙරුසලමේ ඉන්න හැමෝටම ආරංචි වුණා. ඒ නිසා ඒ පිට්ටනිය එයාලාගේ භාෂාවෙන් හැඳින්නුවේ අකෙල්දමා කියලා. ඒකේ තේරුම “ලේ පිට්ටනිය” කියන එකයි.) 20 ගීතාවලිය පොතේ ‘ඔහුගේ නවාතැන පාළු තැනක් වේවා! ඒකේ කිසි කෙනෙක් ජීවත් නොවේවා!’+ කියලත් ‘ඔහුට භාර දීලා තියෙන වගකීම* වෙන කෙනෙක්ට භාර දෙන්න’+ කියලත් ලියලා තියෙනවා.
-