-
ද්විතීය කතාව 17:18-20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 රජ හැටියට පත් වුණාට පස්සේ මේ නීතිය එයා පොතක* ලියන්න ඕනේ. ලෙවී ගෝත්රයට අයිති පූජකයන් ළඟ තියෙන නීතියේ පිටපතක් එයා එයාටම කියලා හදාගන්න ඕනේ.+
19 “ඒ පිටපත එයා ළඟම තියාගන්න ඕනේ. එයාගේ ජීවිත කාලේ පුරාම* එයා ඒක කියවන්න ඕනේ.+ එහෙම කරනවා නම් එයාගේ දෙවි වන යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න එයා ඉගෙනගනියි. මේ නීතියේ තියෙන නියෝග ඇතුළුව හැම දේකටම කීකරු වෙන්නත් එයා ඉගෙනගනියි.+ 20 එහෙම කළොත් එයාගේ සහෝදරයන්ට වඩා එයා උසස් කියලා හිතන්න පෙලඹෙන්නේ නැහැ. දෙවියන්ගේ අණපනත්වලින් පිට පැනලා වැඩ කරන්න පෙලඹෙන්නෙත් නැහැ. එතකොට එයාටයි, එයාගේ පුතාලටයි ඊශ්රායෙල් සෙනඟ අතරේ ගොඩක් කල් රජකම් කරන්න පුළුවන් වෙයි.
-
-
2 තිමෝති 3:16, 17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් ලැබුණ මඟ පෙන්වීමට අනුවයි.+ ඒක උගන්වන්නත්+ අවවාද කරන්නත් වැරදි හරිගස්සන්නත්* දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්රමිතිවලට අනුව හික්මවීම් දෙන්නත්+ ප්රයෝජනවත් වෙනවා. 17 දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කෙනෙක්ට හැම යහපත් වැඩක්ම කරන්න නිතරම සූදානමින් ඉන්නත් ඒ හැම දේම කරන්න හැකියාව තියෙන කෙනෙක් වෙන්නත් ඒකේ තියෙන දේවල් උදව් වෙනවා.
-