7 ඒත් යෙහෝවා සාමුවෙල්ට මෙහෙම කිව්වා. “එයාගේ පෙනුම දිහාවත් එයාගේ උස මහත දිහාවත් බලන්න එපා.+ මං තෝරගෙන තියෙන්නේ එයාව නෙමෙයි. දෙවියන් දේවල් දිහා බලන්නේ මිනිස්සු බලන විදිහට නෙමෙයි. මිනිස්සු දකින්නේ කෙනෙක්ගේ පිටින් පේන්න තියෙන දේ විතරයි. ඒත් යෙහෝවා වන මම ඒ කෙනාගේ හිතේ තියෙන දේ දකිනවා.”+