හිතෝපදේශ 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ත්‍යාගශීලීව දෙන* කෙනාට තව තවත් ලැබෙයි.+දෙන්න ඕනෙ දේ නොදී ඉන්න කෙනා දුප්පතෙක් වෙයි.+ මතෙව් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “දයාවන්ත අය සන්තෝෂවත්.+ මොකද අනිත් අය* එයාලටත් දයාව පෙන්වනවා. හෙබ්‍රෙව් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔයාලා කරපු සේවයවත් දෙවියන්ගේ නමට ඔයාලා පෙන්නපු ආදරේවත් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ එහෙම කරන්න ඔහු අධර්මිෂ්ඨ කෙනෙක් නෙමෙයි. ඔයාලා ශුද්ධ අය වෙනුවෙන් සේවය කළෙත් දිගටම එයාලා වෙනුවෙන් සේවය කරන්නෙත් දෙවියන්ගේ නමට තියෙන ආදරේ නිසයි.
10 ඔයාලා කරපු සේවයවත් දෙවියන්ගේ නමට ඔයාලා පෙන්නපු ආදරේවත් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ එහෙම කරන්න ඔහු අධර්මිෂ්ඨ කෙනෙක් නෙමෙයි. ඔයාලා ශුද්ධ අය වෙනුවෙන් සේවය කළෙත් දිගටම එයාලා වෙනුවෙන් සේවය කරන්නෙත් දෙවියන්ගේ නමට තියෙන ආදරේ නිසයි.