6 කම්මැළියෙනි,+ කූඹියා ළඟට යන්න.
ඌ වැඩ කරන විදිහ දිහා බලලා ඉගෙනගන්න.
7 ඌට අණ දෙන්නවත් උගේ වැඩ බලන්නවත්
ඌව පාලනය කරන්නවත් කවුරුත් නැහැ.
8 ඒත් ගිම්හාන කාලේදී ඌ කෑම සූදානම් කරගන්නවා.+
අස්වැන්න නෙළන කාලේදී ආහාර රැස් කරගන්නවා.
9 කම්මැළියා, තව කොච්චර වෙලාවක් ඔයා නිදාගෙන ඉන්නවාද?
ඔයා නින්දෙන් ඇහැරෙන්නේ කීයටද?
10 තව ටිකක් නිදාගන්න. තව ටිකක් හාන්සි වෙලා ඉන්න.
අත් දෙක බැඳගෙන හොඳට නිදාගන්න.+
11 එතකොට දුප්පත්කම මංකොල්ලකරුවෙක් වගෙත්
අගහිඟකම් අවි ගත්ත කෙනෙක් වගෙත් හදිස්සියේම ඔයා පිටට එයි.+