-
1 සාමුවෙල් 2:22-25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 ඒ වෙද්දී ඒලී හිටියේ හුඟක් වයසට ගිහින්. එයාගේ පුතාලා ඊශ්‍රායෙල්වරුන්ට කරපු හැම දෙයක්ම එයාට ආරංචි වුණා.+ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන+ සේවය කරපු කාන්තාවන් එක්ක එයාලා අනාචාරයේ යෙදෙනවා කියලත් ඒලීට දැනගන්න ලැබුණා. 23 ඉතින් එයා පුතාලට කතා කරලා මෙහෙම කිව්වා. “ඔයාලා කරන නරක දේවල් ගැන මට හැමෝම ඇවිත් කියනවා. ඔයාලා ඇයි ඒ වගේ දේවල් කරන්නේ? 24 අනේ මගේ දරුවෙනි, යෙහෝවාගේ සෙනඟ අතරේ ඔයාලා ගැන පැතිරෙන කතා එච්චර හොඳ නෑ. 25 කෙනෙක් තවත් කෙනෙක්ට විරුද්ධව වරදක් කළොත් වරද කරපු කෙනාට උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න කාට හරි පුළුවන්.* ඒත් කෙනෙක් යෙහෝවා දෙවියන්ට විරුද්ධව වරදක් කළොත්+ ඒ කෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන් කාටද?” ඒ වුණත් ඒ දෙන්නා තාත්තා කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ. යෙහෝවාත් ඒ වෙනකොට එයාලව මරලා දාන්න තීරණය කරලයි තිබුණේ.+
-
-
2 ලේකම් 36:15, 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔහුගේ පණිවිඩකරුවන් මාර්ගයෙන් එයාලට දිගටම අනතුරු ඇඟෙව්වා. ඔහුගේ සෙනඟ ගැන දැනුණ අනුකම්පාව නිසාත් ඔහුගේ ගෘහය විනාශ වෙනවා දකින්න අකමැති වුණ නිසාත් ඔහු එයාලට ආයේ ආයේ අනතුරු ඇඟෙව්වා. 16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+
-