-
2 සාමුවෙල් 12:9-11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 මං ඔයා වෙනුවෙන් ඒ හැම දේම කරලත් ඇයි ඔයා යෙහෝවා වන මගේ වචනය සැහැල්ලුවට අරන් මේ වගේ දුෂ්ට දෙයක් කළේ? ඔයා හිත්තී ජාතික උරියාව අම්මොන්වරුන් ලවා මරලා දැම්මා!+ ඊටපස්සේ එයාගේ බිරිඳව ඔයාගේ බිරිඳ විදිහට ගත්තා.+ 10 හිත්තී ජාතික උරියාගේ බිරිඳව විවාහ කරගෙන ඔයා මට කළේ ලොකු නින්දාවක්. ඒ නිසා ඔයාගේ පවුලේ අයට හැමදාමත් විපත්ති අද්දකින්න* සිද්ධ වෙයි.’+ 11 යෙහෝවා ඔයාට මෙහෙමත් කියනවා. ‘ඔයාගෙම පවුලේ අය නිසා ඔයාට හුඟක් පීඩා විඳින්න වෙනවා.+ ඔයාගේ ඇස් පනාපිටම මං ඔයාගේ භාර්යාවන්ව අරගෙන වෙන කෙනෙක්ට* දෙනවා.+ එයා හැමෝම ඉස්සරහා ඔයාගේ භාර්යාවන් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වයි.+
-