21 පූජාවෙන් ආපු සුවඳ නිසා යෙහෝවා දෙවියන්ට සතුටක් දැනුණා. ඒ නිසා යෙහෝවා මෙහෙම හිතුවා. “පුංචි කාලේ ඉඳන් මිනිසාගේ හිත යන්නෙම නපුරු දේවලට.+ ඉතින් මිනිස්සු කරන දේවල් නිසා මම ආයේ කවදාවත් පොළොවට ශාප කරන්නේ නැහැ.+ කලින් කළා වගේ මං ආයේ කවදාවත් පණ තියෙන හැම දෙයක්ම විනාශ කරන්නේ නැහැ.+