-
ද්විතීය කතාව 13:1-3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 “ඔයාලා අතරේ ඉන්න කෙනෙක් අනාගතවක්තෘවරයෙක් විදිහට හරි සිහින මාර්ගයෙන් අනාගතය ගැන කියන කෙනෙක් විදිහට හරි වැඩ කරන්න පටන් අරන් යම් ලකුණක් දෙන්න ඉඩ තියෙනවා. නැත්නම් අනාවැකියක් කියන්න ඉඩ තියෙනවා. 2 ඒ ලකුණ හරි අනාවැකිය හරි ඉටු වුණාම එයා මෙහෙම කියන්නත් පුළුවන්. ‘එන්න, අපි දැනගෙන හිටියේ නැති වෙනත් දෙවිවරුන් ළඟට ගිහින් එයාලට වන්දනාමාන කරමු. අපි එයාලා කියන විදිහට කරමු.’ 3 ඒ අනාගතවක්තෘවරයා නැත්නම් සිහින දකින්නා කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න එපා.+ ඒ වගේ දේකට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉඩ දෙන්නේ යෙහෝවා දෙවියන්ට ඔයාලා මුළු හදවතින්ම ආදරේ කරනවාද ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* පෙන්නනවාද+ කියලා බලන්නයි.+
-