-
2 රාජාවලිය 18:19-25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 එතකොට රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා එයාලට මෙහෙම කිව්වා. “කරුණාකරලා ගිහින් හෙසකියාට කියන්න ‘ඇසිරියාවේ රජ වන මහ රජ්ජුරුවෝ එයාට මෙහෙම කිව්වා කියලා. “ඔබ කවුරු ගැනද විශ්වාසය තියාගෙන ඉන්නේ?+ 20 ඔබ මහ ලොකුවට කියනවා ‘යුද්ධ කරන්න හොඳ සැලැස්මකුයි, හොඳ හමුදා බලයකුයි මට තියෙනවා’ කියලා. ඒවා නිකම් බොරු කතා විතරයි. කාගේ හයියක් අරන්ද ඔබ මට විරුද්ධව මෙහෙම කැරලිගහන්නේ?+ 21 ඔබ විශ්වාසය තියාගෙන ඉන්නේ තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුව ගැනද?+ වැටෙන්න යද්දී තැළුණු බට දණ්ඩක් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අත තුවාල වෙන එක විතරයි නේද? ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටම වෙන්නෙත් ඒකම තමයි. 22 එහෙම නැත්තං ඔබ මට කියන්න හදන්නේ ‘අපි අපේ දෙවි වන යෙහෝවා ගැන විශ්වාසය තියනවා’+ කියලද? ඒ දෙවියන්ගේ පූජාසනයි, එයාට නමස්කාර කරන්න හදපු උස් තැනුයි නේද හෙසකියා කඩලා දැම්මේ?+ එයා ඒවා කඩලා දාලා ‘යෙරුසලමේ තියෙන පූජාසනය ඉස්සරහා නමස්කාර කරන්න’ කියලා යූදාවලයි, යෙරුසලමෙයි ඉන්න මිනිස්සුන්ට කිව්වේ නැද්ද?”’+ 23 මං කැමතියි මගේ ස්වාමීන් වන ඇසිරියාවේ රජගේ නමින් ඔබට මේ අභියෝගය කරන්න. මං අශ්වයන් 2,000ක් දුන්නොත් ඒ ගාණට හරියන්න අසරුවන්ව ඔබට හොයාගන්න පුළුවන්ද?+ 24 හරි අපි හිතමු ඊජිප්තුවෙන් අශ්ව රථයි, අසරුවනුයි ඔබට ලැබුණා කියලා. ඒත් මගේ ස්වාමියාට සේවය කරන සුළුම නිලධාරියෙක්වවත් පරද්දන්න ඔබට පුළුවන්ද? 25 මම මේ නගරේ විනාශ කරන්න ආවේ යෙහෝවා දෙවියන්ගේ අවසරය නැතුව කියලද ඔබ හිතන්නේ? යෙහෝවා දෙවියන්ම තමයි මට කිව්වේ ‘ගිහින් ඒ දේශය විනාශ කරන්න’ කියලා.”
-