-
2 රාජාවලිය 19:1-4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 ඒක අහපු ගමන්ම හෙසකියා රජ එයාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි දාගෙන යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගියා.+ 2 ඊටපස්සේ එයා රජමාලිගාවේ වැඩකටයුතු භාරව හිටපු එලියාකීම්වයි, ලේකම් වුණ ෂෙබ්නාහ්වයි, පූජකයන්ගේ ප්රධානීන්වයි ආමොෂ්ගේ පුතා වුණ අනාගතවක්තෘ යෙසායා ළඟට යැව්වා. එයාලා ගෝණි රෙදි දාගෙන යෙසායා ගාවට ගියා.+ 3 එයාලා යෙසායාට මෙහෙම කිව්වා. “හෙසකියා රජ මෙහෙම කියනවා. ‘අද හරිම දුක්බර දවසක්. අපි ගොඩක් ලැජ්ජාවට පත් වුණා.* අපිට හොඳටම නින්දා කළා. අපි හරියට දරුවා ඉපදෙන්න ළං වෙලා හිටියත් එයාව බිහි කරන්න ශක්තිය නැති කාන්තාවක් වගේ.+ 4 කුසලාන දරන්නාගේ ප්රධානියාව* එයාගේ ස්වාමියා වන ඇසිරියාවේ රජ එව්වේ ජීවමාන දෙවියන්ට අපහාස කරන්නයි.+ සමහරවිට එයා කියපු හැම දෙයක්ම ඔයාගේ දෙවි වන යෙහෝවා සැලකිල්ලට ගනියි. එයා කියපු දේවල්වලට යෙහෝවා දඬුවම් කරයි. අනේ, දැන් ඉතුරු වෙලා ඉන්න මේ සෙනඟ වෙනුවෙන් යාච්ඤා කරන්න.’”+
-