-
2 ලේකම් 34:20, 21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඊටපස්සේ රජ හිල්කියාට, ෂාපාන්ගේ පුතා වුණ අහිකාම්ට,+ මීකාගේ පුතා වුණ අබ්දොන්ට, ලේකම් වුණ ෂාපාන්ට සහ රජගේ සේවකයා වුණ අසායාට මෙහෙම අණ කළා. 21 “දැන් ඔයාලා ගිහින් අපිට හම්බ වුණ මේ ලියවිල්ලේ තියෙන දේවල් අපිට බලපාන්නේ කොහොමද කියලා යෙහෝවාගෙන් අහන්න. මං වෙනුවෙනුත් ඊශ්රායෙල්වල සහ යූදාවල ඉතුරු වෙලා ඉන්න අය වෙනුවෙනුත් දෙවියන්ගෙන් ඒ ගැන අහන්න. මොකද අපේ මුතුන්මිත්තන් යෙහෝවා කියපු දේවල් කළේ නැහැ. මේ ලියවිල්ලේ සඳහන් දේවල් එයාලා පිළිපැද්දේ නැහැ.+ ඒ නිසයි යෙහෝවා කේන්තියෙන් අපිට පහර දෙන්න යන්නේ.”
-
-
යෙරෙමියා 39:13, 14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඉතින් ආරක්ෂක නිලධාරීන්ගේ ප්රධානියා වුණ නෙබුෂරදාන්, රබ්සාරිස් කියන තනතුර දරන නෙබුෂෂ්බාන්, රබ්මග් කියන තනතුර දරන නේර්ගල්ෂරෙෂෙර් සහ බැබිලෝනියේ රජගේ ප්රධානීන් හැමෝම මිනිස්සුන්ව යවලා 14 මුරකරුගේ මළුවේ රඳවලා හිටපු යෙරෙමියාව නිදහස් කළා.+ ඊටපස්සේ එයාලා යෙරෙමියාව ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුත් ගෙදලියාට+ භාර දුන්නා. එහෙම කළේ එයාට ගෙදලියාගේ ගෙදර ඉන්න පුළුවන් වෙන්නයි. ඉතින් යෙරෙමියා සෙනඟ අතරේ ජීවත් වුණා.
-