27 “සංඥාවක් විදිහට දේශයේ කණුවක් හිටවන්න.+
ජාතීන් අතරේ හොරණෑවක් පිඹින්න.
ඇයට විරුද්ධව සටනට යන්න ජාතීන්ව තෝරගන්න.
ඇයට විරුද්ධව අරරත්,+ මින්නි සහ අෂ්කෙනස්+ කියන රාජ්‍යයන් කැඳවන්න.
ඇයට විරුද්ධව යුද්ධයට යන්න හමුදා නිලධාරියෙක්ව පත් කරන්න.
රොත්ත පිටින් එන පළඟැටියන් වගේ අශ්වයන්ව එවන්න.
28 ඇයට පහර දෙන්න ජාතීන්ව තෝරගන්න.
මේදියාවේ රජවරුන්වත්+ ආණ්ඩුකාරයන්වත් නිලධාරීන් හැමෝවමත්
ඔවුන් යටතේ තියෙන හැම දේශයක්මත් ඇයට විරුද්ධව යවන්න.