11 ඇගේ ප්රධානීන් විනිශ්චය කරන්නේ අල්ලස් අරගෙනයි.+
පූජකයන් උපදෙස් දෙන්නේ මුදල්වලටයි.+
අනාගතවක්තෘවරුන් සල්ලිවලට පේන කියනවා.+
එහෙම කරලත් ඔවුන් යෙහෝවාගෙන් උදව් බලාපොරොත්තු වෙලා මෙහෙම කියනවා.
“යෙහෝවා ඉන්නේ අපේ පැත්තෙනේ.+
ඒ නිසා අපිට කවදාවත් විපතක් වෙන්නේ නැහැ.”+