-
යෙරෙමියා 8:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “ඒ කාලේදී යූදාවල රජවරුන්ගෙත් අධිපතීන්ගෙත් පූජකයන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් යෙරුසලමේ ඉන්න අයගෙත් ඇටකටු ඔවුන්ගේ සොහොන් ගෙවල්වලින් එළියට ඇදලා දානවා. 2 ඒ ඇටකටු ඔවුන් ආස කරපු, වැඳ වැටිලා නමස්කාර කරපු, උපදෙස් පතාගෙන පස්සෙන් ගිය ඉර, හඳ සහ අනිත් ආකාශ වස්තූන් ඉස්සරහා අතුරලා තියෙනවා.+ ඒවා එකතු කරන්නෙවත් තැන්පත් කරන්නෙවත් නැහැ. ඒවා කුණු වෙලා පසට පොහොර වෙනවා.”+
-
-
ශෙපනියා 1:4, 5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 “මම යූදා දේශයටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මගේ බලය පෙන්වනවා.*
බාල්ට+ කරන නමස්කාරයට සම්බන්ධ හැම දේම මම මේ ස්ථානයෙන් නැත්තටම නැති කරලා දානවා.
වෙනත් ජාතීන් නමස්කාර කරන දෙවිවරුන්ගේ පූජකයන්වත්
මේ දේශයේ පූජකයන්වත් මම විනාශ කරලා ඔවුන්ගේ නම් මකලා දානවා.+
5 පැතලි වහලවල්වල* ඉඳන් ආකාශ වස්තුවලට වැඳුම්පිදුම් කරන අයව+ මම විනාශ කරනවා.
මල්කාම්+ දෙවියාගේ නමින් දිවුරන ගමන් යෙහෝවා වන මං ඉස්සරහා වැඳ වැටිලා
මට නමස්කාර කරනවා කියලා දිවුරන අයවත්+ මම විනාශ කරනවා.
-