14 පැස්බර අම්මා එළිමහනේ බිත්තර දාලා ඒවා අත්හැරලා යයි.
ඒවා උණුසුම් වෙන්න වැලි පොළොවේ දාලා යයි.
15 ඒවා මිනිසෙක්ගේ හරි වනසතෙක්ගේ හරි
පයට පෑගිලා කුඩු වෙලා යන්න පුළුවන් කියලා ඌට අමතක වෙයි.
16 ඌ කිසිම මව් සෙනෙහසක් නැතුව පැටවුන්ට නපුරුකම් කරයි.+
උගේ මහන්සිය වතුරේ යයි කියලා ඌට ගාණක්වත් නැහැ.