22 ඔබේ ස්වාමීන් වන යෙහෝවා, තම සෙනඟ වෙනුවෙන් සටන් කරන ඔබේ දෙවියන් මෙහෙම කියනවා.
“වැනිවැනී යන්න සලස්වන කුසලානය මම ඔබේ අතින් ගන්නවා.+
මගේ කේන්තිය කියන කුසලානයෙන්
ඔබ ආයේ කවදාවත් බොන්නේ නැහැ.+
23 මම ඒක ඔබට වධ හිංසා කරන අයගේ අතට දෙනවා.+
‘ඔබව පාගගෙන යන්න බිම දිගා වෙන්න’ කියලා ඔවුන් ඔබට කිව්වා.
ඉතින් ඔබට ඔබේ පිට බිම වගෙත්
ඔවුන්ට ඇවිදගෙන යන්න පාරක් වගෙත් කරගන්න සිද්ධ වුණා.”