-
ගණන් කතාව 3:6-8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 “ලෙවී ගෝත්රයේ+ අයට එන්න කියලා ඔවුන්ව පූජක ආරොන් ළඟට එක්කගෙන යන්න. ආරොන්ට උදව් කරන්න ඕනෙ ඒ අයයි.+ 7 ඔවුන් හමු වීමේ කූඩාරමට සම්බන්ධ හැම සේවාවක්ම කළ යුතුයි. ආරොන් සහ මුළු සෙනඟ වෙනුවෙන් ඔවුන් ඒ හැම වගකීමක්ම ඉටු කළ යුතුයි. 8 හමු වීමේ කූඩාරමට අයිති හැම දෙයක්ම බලාගන්න ඕනෙත් ඒ අයයි.+ ඔවුන් ඊශ්රායෙල් සෙනඟ වෙනුවෙන් ශුද්ධ කූඩාරමට සම්බන්ධ සේවාවන් ඉටු කළ යුතුයි.+
-
-
1 ලේකම් 9:22, 23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 ඇතුල් වෙන තැන් මුර කරන්න තෝරගත්ත අයගේ මුළු ගාණ 212යි. එයාලාගේ පෙළපත් ලියාපදිංචි කරලා තිබුණ විදිහට එයාලා පදිංචි වුණා.+ එයාලා ගැන විශ්වාසය තියලා ඒ වැඩේ භාර දුන්නේ දාවිත් සහ දිවැසිවරයා+ වුණ සාමුවෙල්. 23 යෙහෝවා දෙවියන්ගේ ගෘහය ඒ කියන්නේ ශුද්ධ කූඩාරමේ දොරටු ළඟ+ මුර සේවය අධීක්ෂණය කළේ එයාලයි, එයාලාගේ පුතාලයි.
-