-
ගණන් කතාව 16:39, 40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 ගින්නෙන් විනාශ වුණ මිනිස්සු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න ගෙනාපු තඹ භාජන පූජක එලියාසර් එකතු කරගෙන ඒවා තළලා තුනී තහඩු හැදුවා. ඊටපස්සේ ඒ තහඩු පූජාසනයේ සවි කළා. 40 එහෙම කළේ ආරොන්ගේ පවුලට* අයිති නැති කිසිම කෙනෙක්ට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න යෙහෝවා ඉස්සරහට එන්න බැහැ කියන දේ ඊශ්‍රායෙල්වරුන්ට මතක් කරන්නයි.+ ඒ වගේම කෝරා සහ එයාත් එක්ක හිටපු අය වගේ වැඩ කරන එක කොයි තරම් අනතුරුදායකද කියන දේ සෙනඟට මතක් කරන්නයි.+ යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් අණ කරපු හැම දේම එලියාසර් කළා.
-
-
එසකියෙල් 44:15, 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 “‘ඊශ්‍රායෙල් සෙනඟ මගෙන් ඈත් වෙලා ගිය කාලේදී+ ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් වුණ සාදොක්ගේ පුතාලා+ තමයි මගේ ශුද්ධස්ථානයේ වගකීම් ඉටු කළේ. මට සේවය කරන්න ඔවුන් මං ඉස්සරහට එයි. ඔවුන් මං ඉස්සරහට ඇවිත් තෙල් කොටස්+ සහ ලේ+ ඔප්පු කරයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 16 ‘ඔවුන් තමයි මගේ ශුද්ධස්ථානයට ඇතුල් වෙලා මට සේවය කරන්න මගේ මේසය ළඟට එන්නේ.+ මං වෙනුවෙන් ඔවුන්ට කරන්න තියෙන වගකීම් ඔවුන් ඉටු කරයි.+
-