-
යෙසායා 2:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 අවසාන කාලේදී යෙහෝවා දෙවියන්ගේ ගෘහය තියෙන කන්ද
අනිත් හැම කන්දකටම වඩා ඉහළින්, ස්ථිරව පිහිටුවයි.+
ඒක හෙල්වලටත් වඩා ඉහළින් තියෙයි.
හැම ජාතියකටම අයිති සෙනඟ ඒ කන්දට වැල නොකැඩී ඇදී එයි.+
3 හුඟදෙනෙක් ඇවිත් මෙහෙම කියයි.
“එන්න, යෙහෝවාගේ කන්දට අපි යමු.
යාකොබ්ගේ දෙවියන්ගේ ගෘහයට යමු.+
ඔහුගේ මාර්ග ගැන ඔහු අපිට උගන්වයි.
අපි ඔහු පෙන්නන පාරේ යමු.”+
-
-
යෙසායා 66:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඔවුන් සියලු ජාතීන් අතරේ ඉන්න ඔබේ සහෝදරයන්ව+ යෙහෝවාට තෑග්ගක් විදිහට ගේනවා. ඔවුන්ව අශ්වයන් පිටෙත් අශ්ව රථවලත් කරත්තවලත් කොටළුවන් පිටෙත් වේගයෙන් දුවන ඔටුවන් පිටෙත් නග්ගගෙන මගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට අරගෙන එයි” කියලා යෙහෝවා කියනවා. “ඔවුන් එන්නේ හරියට ඊශ්රායෙල් සෙනඟ පවිත්ර භාජනයක දාලා තෑග්ගක් අරගෙන යෙහෝවාගේ ගෘහයට එන විදිහටයි.”
-