11 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
‘බැබිලෝනියේ රජගේ කඩුව ඔබට විරුද්ධව එයි.+
12 මම ඔබේ සෙනඟට යුධ දක්ෂයන්ගේ කඩු පහරින් මැරුම් කන්න සලස්වනවා.
ඒ යුධ දක්ෂයෝ ජාතීන් අතරේ ඉන්න දරුණුම අය.+
ඔවුන් ඊජිප්තුවේ අහංකාරකම නැති කරලා ඇගේ සෙනඟව සහමුලින්ම විනාශ කරයි.+