18 “ඒ නිසා යොෂියාගේ පුත්, යූදාවල රජ වුණ යෙහෝයාකිම්+ ගැන යෙහෝවා කියන්නේ මේකයි.
‘ඔහු මැරුණාම කිසිම කෙනෙක්
“අනේ මගේ සහෝදරයා! අනේ මගේ සහෝදරී,
බලන්නකෝ වෙච්ච දේ” කියලා අඬා වැලපෙන්නේ නැහැ.
“අනේ අපේ ස්වාමියා! අනේ අපේ රජතුමා” කියලා කිසිම කෙනෙක් අඬන්නේ නැහැ.
19 ඔහු මැරුණාම කරන්නෙත් බූරුවෙක් මැරුණාම කරන දේමයි.+
ඔහුගේ මළ කඳ ඇදගෙන ගිහින්
යෙරුසලමේ දොරටුවලින් එළියට වීසි කරලා දානවා.’+