-
යෙසායා 53:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 වේදනා වින්දාට පස්සේ ඔහු දකින දේ නිසා ඔහු සතුටු වෙයි.
-
-
රෝම 1:16, 17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ශුභාරංචිය අනිත් අයට කියන එක ගැන මට කිසිම ලැජ්ජාවක් නැහැ.+ ඇත්තටම ශුභාරංචිය මාර්ගයෙන් දෙවියන් කොච්චර බලවත්ද කියලා පැහැදිලි වෙනවා. විශ්වාසයක් තියෙන හැම කෙනෙක්ටම+ ඒ කියන්නේ මුලින්ම යුදෙව්වන්ට+ ඊටපස්සේ ග්රීකයන්ට*+ ශුභාරංචිය නිසා ගැලවීම ලැබෙනවා. 17 ශුභාරංචිය මාර්ගයෙන් දෙවියන් කොයි තරම් ධර්මිෂ්ඨද කියලා විශ්වාසයක් තියෙන අයට දැකගන්න පුළුවන්. ඒක එයාලාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරනවා.+ ශුද්ධ ලියවිලිවලත් ලියලා තියෙන්නේ “ධර්මිෂ්ඨ කෙනාගේ ජීවිතේ රැකෙන්නේ ඔහුගේ විශ්වාසය නිසයි”+ කියලා.
-