-
හෙබ්‍රෙව් 9:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 කොහොමවුණත් ක්‍රිස්තුස් දැන් උත්තම පූජකයා වෙලා ඉවරයි. ඒකේ ආශීර්වාද අපි අද්දකිනවා. ඔහු උත්තම පූජකයා විදිහට පත් වුණ අවස්ථාවේදී වඩා උතුම්, කිසිම අඩුවක් නැති කූඩාරම මැදින් ගියා. ඒ කූඩාරම මිනිස්සුන්ගේ අත්වලින් හදපු එකක්වත් මේ පොළොවේ තියෙන එකක්වත් නෙමෙයි. 12 ඔහු ශුද්ධස්ථානයට ඇතුල් වුණේ එළුවන්ගෙවත් වස්සන්ගෙවත් ලේ අරගෙන නෙමෙයි. ඔහු ඇතුල් වුණේ තමන්ගෙම ලේ අරගෙනයි.+ ඒක කරන්න ඔහුට අවශ්‍ය වුණේ එක පාරක් විතරයි. ඔහු මාර්ගයෙන් අපි සදාකාලික ගැලවීමක්* ලබාගත්තා.+
-
-
හෙබ්‍රෙව් 10:8-10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 මුලින් ඔහු කිව්වා “සත්ව පූජාවත් තෑගි පූජාවත් දවන පූජාවත් පාප පූජාවත් ඔබට ඕනෙ වුණේ නැහැ. ඔබ ඒවා ගැන සතුටු වුණේ නැහැ” කියලා. ඒවා නීතියට අනුව ඔප්පු කරපු පූජා. 9 ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “මෙන්න, මම ඇවිත් ඉන්නවා. ඔබේ කැමැත්ත කරන්නයි මම ඇවිත් ඉන්නේ.”+ ඉතින් දෙවෙනියට ආපු දේ පිහිටුවන්න ඔහු කලින් තිබුණ දේ අයින් කළා. 10 දෙවියන්ගේ “කැමැත්ත”+ වුණ ඒ දේට අනුව අපිව පවිත්‍ර කළා. එහෙම කළේ යේසුස් ක්‍රිස්තුස් පූජාවක් විදිහට ඔප්පු කරපු ඔහුගේ ශරීරය මාර්ගයෙන්. ඒ පූජාව ඔහු ඔප්පු කළේ එක පාරයි.+
-