-
2 රාජාවලිය 17:15, 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 දෙවියන් දීපු නියෝග පිළිපදින එක එයාලා අත්හැරියා. එයාලාගේ මුතුන්මිත්තන් එක්ක ඔහු ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කළා.+ එයාලට අනතුරු අඟවන්න ඔහු දීපු සිහිගැන්වීම් එයාලා ගාණකටවත් ගත්තේ නැහැ.+ කිසි වැඩකට නැති රූපවලට එයාලා දිගටම නමස්කාර කළා.+ අවට ඉන්න ජාතීන් කරන දේවල් කරන්න එපා කියලා යෙහෝවා අණ කරලා තිබුණත් එයාලා කළේ ඒ දේමයි.+ ඒ නිසා එයාලා කිසි වැඩකට නැති සෙනඟක් වුණා.+
16 එයාලාගේ දෙවි වන යෙහෝවා දුන්න හැම ආඥාවක්ම එයාලා කඩ කළා. එයාලා ලෝහවලින් වහු රූප දෙකක් හදාගත්තා.+ නමස්කාර කරන්න කණුවකුත්* හදාගත්තා.+ ආකාශ වස්තූන් හැම එකකටම එයාලා නමස්කාර කළා.+ බාල් ඉස්සරහත් වැඳ වැටුණා.+
-