-
යෙසායා 11:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ දවසේදී යෙහෝවා දෙවෙනි පාරටත් ඔහුගේ අත දික් කරලා ඉතුරු වෙලා ඉන්න ඔහුගේ සෙනඟව ආයෙත් එකතු කරගන්නවා. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්,+ ෂීනාර්,* හමාත් සහ දූපත්වල+ ඉන්න හැමෝවම ඔහු එක් රැස් කරගන්නවා. 12 ඔහු ජාතීන්ට පේන්න කණුවක්* හිටවලා විසිරිලා ඉන්න ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නවා.+ පොළොවේ හතර කොනටම විසිරිලා ගිහින් ඉන්න යූදා සෙනඟව ඔහු ආයෙත් එකතු කරගන්නවා.+
-
-
යෙසායා 43:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 බය වෙන්න එපා. මොකද මම ඔබ එක්ක ඉන්නවා.+
මම ඔබේ දරුවන්ව නැඟෙනහිර දිශාවේ ඉඳන් අරගෙන එනවා.
ඔවුන්ව බස්නාහිර දිශාවෙන් එකතු කරගෙන එනවා.+
6 මම උතුරට කියනවා ‘ඔවුන්ව නිදහස් කරන්න’+ කියලා.
දකුණට මෙහෙම කියනවා. ‘ඔවුන්ට යන්න දෙන්න.
ඈත ඉන්න මගේ පුතුන්ව එක්කගෙන එන්න. පොළොව කෙළවරේ ඉන්න මගේ දියණියන්ව අරන් එන්න.+
-
යෙරෙමියා 23:7, 8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 යෙහෝවා මෙහෙම කියනවා. “‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා ඔවුන් තවත් දිවුරන්නේ නැති කාලයක් එනවා.+ 8 ඒ වෙනුවට ඔවුන් මෙහෙම දිවුරයි. ‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් පැවතෙන අයව උතුරු දේශයෙනුත් ඔවුන්ව විසුරුවාහැරිය අනිත් දේශවලිනුත් ආපහු ගෙනාව යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි.’ මොකද ඔවුන් තමන්ගෙම දේශයේ ජීවත් වෙයි.”+
-
-
-