1 රාජාවලිය 12:28, 29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 රජ ඒ ගැන උපදේශකයන් එක්ක කතා කළාට පස්සේ රන් වස්සන් දෙන්නෙක්ව හදලා+ සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, හැම තිස්සේම යෙරුසලමට යන එක ඔයාලට අමාරුයි. මේ ඉන්නේ ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+ 29 ඊටපස්සේ එයා එක රූපයක් බෙතෙල්වලත්+ අනිත් රූපය දාන්වලත්+ තිබ්බා. හොෂෙයා 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන් කඳු මුදුන්වල පූජා ඔප්පු කරයි.+උස්බිම් මත සුවඳ දුම් ඔප්පු කරයි.ඕක් ගස්, ස්ටෝරැක්ස් ගස් සහ වෙනත් දැවැන්ත ගස්වලින්+හොඳ සෙවණක් ලැබෙන නිසා ඔවුන් ඒ ගස් යට පූජා ඔප්පු කරයි. ඒ නිසයි ඔබේ දූවරුන් ගණිකාවන් වගේ හැසිරෙන්නේ,ඔබේ පුතුන්ගේ භාර්යාවන් අනාචාරයේ යෙදෙන්නේ. ආමොස් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘මොකද ඊශ්‍රායෙල්වරු කැරලිගහලා කරපු හැම වරදකටම,* ඔවුන්ට මට ගණන් දෙන්න වෙනවා.+ඒ දවස අනිවාර්යයෙන්ම එනවා.ඔවුන් බෙතෙල්වල හදපු පූජාසන ගැනත් එදාට මට ගණන් දෙන්න වෙනවා.+මම පූජාසනයේ අං කඩලා දාලා ඒවා බිමට ඇදලා දානවා.+
28 රජ ඒ ගැන උපදේශකයන් එක්ක කතා කළාට පස්සේ රන් වස්සන් දෙන්නෙක්ව හදලා+ සෙනඟට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුනි, හැම තිස්සේම යෙරුසලමට යන එක ඔයාලට අමාරුයි. මේ ඉන්නේ ඔයාලව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔයාලාගේ දෙවියන්.”+ 29 ඊටපස්සේ එයා එක රූපයක් බෙතෙල්වලත්+ අනිත් රූපය දාන්වලත්+ තිබ්බා.
13 ඔවුන් කඳු මුදුන්වල පූජා ඔප්පු කරයි.+උස්බිම් මත සුවඳ දුම් ඔප්පු කරයි.ඕක් ගස්, ස්ටෝරැක්ස් ගස් සහ වෙනත් දැවැන්ත ගස්වලින්+හොඳ සෙවණක් ලැබෙන නිසා ඔවුන් ඒ ගස් යට පූජා ඔප්පු කරයි. ඒ නිසයි ඔබේ දූවරුන් ගණිකාවන් වගේ හැසිරෙන්නේ,ඔබේ පුතුන්ගේ භාර්යාවන් අනාචාරයේ යෙදෙන්නේ.
14 ‘මොකද ඊශ්‍රායෙල්වරු කැරලිගහලා කරපු හැම වරදකටම,* ඔවුන්ට මට ගණන් දෙන්න වෙනවා.+ඒ දවස අනිවාර්යයෙන්ම එනවා.ඔවුන් බෙතෙල්වල හදපු පූජාසන ගැනත් එදාට මට ගණන් දෙන්න වෙනවා.+මම පූජාසනයේ අං කඩලා දාලා ඒවා බිමට ඇදලා දානවා.+