-
2 රාජාවලිය 22:16, 17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 “යෙහෝවා මෙහෙම කියනවා. ‘මම මේ දේශය පිටටත් මෙහේ ඉන්න මිනිස්සු පිටටත් විනාශයක් ගේනවා. යූදාවල රජ කියවපු ලියවිල්ලේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙනවා.+ 17 මොකද එයාලා මාව අත්හැරලා ගිහින් වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරනවා.+ එයාලා කරන හැම දේකින්ම එයාලා මාව කේන්ති ගස්සනවා.+ මගේ කේන්තිය හරියට ගින්නක් වගේ මේ දේශයට විරුද්ධව ඇවිළිලා තියෙනවා. ඒක නිවිලා යන්නේ නැහැ.’”+
-
-
යෙරෙමියා 44:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒත් ඔවුන් මට ඇහුම්කන් දුන්නේ නැහැ. මම කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරන එක නවත්තලා ඔවුන් ගිය දුෂ්ට මාර්ගයෙන් හැරිලා ආවේ නැහැ.+ 6 ඉතින් මම මගේ කේන්තිය ඔවුන්ට විරුද්ධව පිට කළා. ඒක ගින්නක් වගේ ඇවිළිලා යූදාවල නගරයි, යෙරුසලමේ පාරවලුයි පුච්චලා දැම්මා. ඒවා පාළුවට ගිය නටබුන් ගොඩක් වුණා. අදටත් ඒවා තියෙන්නේ එහෙම්මමයි.’+
-