-
මාක් 2:18-20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 යොහන්ගේ ගෝලයනුත් පරිසිවරුනුත් චාරිත්රයක් විදිහට නිරාහාරව ඉන්නවා. ඉතින් කීපදෙනෙක් ඇවිත් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “යොහන්ගේ ගෝලයනුයි, පරිසිවරුන්ගේ ගෝලයනුයි චාරිත්රයක් විදිහට නිරාහාරව ඉන්නවා. ඒත් ඔයාගේ ගෝලයන් එහෙම කරන්නේ නැත්තේ ඇයි?”+ 19 ඉතින් යේසුස් එයාලට මෙහෙම උත්තර දුන්නා. “මනාලයා+ තමන් එක්ක ඉද්දී මනාලයාගේ යාළුවෝ මොකටද නිරාහාරව ඉන්නේ? මනාලයා එයාලා එක්ක ඉන්න තාක් කල් එයාලා නිරාහාරව ඉන්න එක හරි නැහැ. 20 ඒත් මනාලයාව එයාලාගෙන් වෙන් කරන දවස එනවා.+ ඒ දවසේදී එයාලා නිරාහාරව ඉඳියි.
-
-
ලූක් 5:33-35ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
33 ඊටපස්සේ එයාලා ඔහුට මෙහෙම කිව්වා. “යොහන්ගේ ගෝලයන් දෙවියන්ට කන්නලව් කරනවා. නිතරම වගේ නිරාහාරව ඉන්නවා. පරිසිවරුන්ගේ ගෝලයනුත් එහෙම කරනවා. හැබැයි ඔයාගේ ගෝලයන් කකා බිබී ඉන්නවා.”+ 34 ඒකට යේසුස් මෙහෙම උත්තර දුන්නා. “මනාලයා තමන් එක්ක ඉද්දී මනාලයාගේ යාළුවන්ට නිරාහාරව ඉන්න කියලා කියන්න පුළුවන්ද? 35 ඒත් මනාලයාව+ එයාලාගෙන් වෙන් කරන දවස අනිවාර්යයෙන්ම එනවා. එදාට එයාලා නිරාහාරව ඉඳියි.”+
-