-
මාක් 3:22-27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 යෙරුසලමේ ඉඳන් ආපු නීතිය පිටපත් කරන අයත් “මේ මිනිහාට බෙල්සෙබුබ්* වැහිලා. එයා භූතයන්ව එළවන්නේ භූතයන්ගේ නායකයාගේ උදව්වෙන්” කියලා කිව්වා.+ 23 යේසුස් එයාලට ඔහු ළඟට එන්න කියලා උදාහරණවලින් මෙහෙම පැහැදිලි කළා. “සාතන්ට පුළුවන්ද සාතන්වම එළවගන්න? 24 රාජ්‍යයක ඉන්න අය අතරේ බෙදීම් තියෙනවා නම් ඒ රාජ්‍යය වැඩි කල් තියෙන්නේ නැහැ.+ 25 පවුලක ඉන්න අය එකිනෙකාට විරුද්ධව වැඩ කරනවා නම් එයාලට වැඩි කල් එකට ඉන්න බැහැ. 26 ඒ වගේ සාතන් එයාටම විරුද්ධව වැඩ කරලා එයාගේ රාජ්‍යයේ බෙදීම් ඇති වුණොත්* එයාටත් වැඩි කල් ඉන්න බැහැ. එයා නැති වෙලා යයි. 27 හිතන්න, ඇඟේපතේ හොඳට හයිය තියෙන කෙනෙක්ගේ ගෙදරින් බඩු හොරකම් කරන්න හොරෙක් ආවා කියලා. ඉස්සෙල්ලාම එයාට ඒ මනුස්සයාගේ අත පය බඳින්න වෙනවා. නැත්නම් එයාට ඒ හොරකම කරන්න බැහැ.
-
-
ලූක් 11:15-23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 ඒත් සෙනඟ අතරේ හිටපු සමහරදෙනෙක් මෙහෙම කිව්වා. “මේ මිනිහා භූතයන් එළවන්නේ භූතයන්ගේ නායකයා වන බෙල්සෙබුබ්ගේ* උදව්වෙන්.”+ 16 තවත් සමහරු යේසුස්ගේ වරදක් අල්ලගන්න හිතාගෙන අහසෙන් ලකුණක්+ පෙන්නන්න කියලා ඔහුට බල කළා. 17 යේසුස් එයාලාගේ හිතේ තියෙන දේ දැනගෙන හිටපු නිසා+ මෙහෙම කිව්වා. “රාජ්‍යයක් ඇතුළේ භේද තියෙනවා නම් ඒ රාජ්‍යය නැති වෙලා යයි. ඒ වගේම පවුලක ඉන්න අය අතරේ භේද තියෙනවා නම් ඒ පවුල වැඩි කල් පවතින්නේ නැහැ. 18 ඔයාලා කියනවා මම භූතයන්ව එළවන්නේ බෙල්සෙබුබ්ගේ බලයෙන් කියලා. ඒත් සාතන් එයාටම විරුද්ධව වැඩ කරනවා නම් ඒක හරියට එයාම එයාගේ රාජ්‍යයේ භේද ඇති කරනවා වගේ. එතකොට එයාගේ රාජ්‍යය දිගටම තියෙන්නේ කොහොමද? 19 මං භූතයන්ව එළවන්නේ බෙල්සෙබුබ්ගේ උදව්වෙන් නම් ඔයාලාගේ අනුගාමිකයන් භූතයන්ව එළවන්නේ කාගේ උදව්වෙන්ද? ඔයාලා කියන දේ වැරදියි කියලා ඔයාලාගෙම අනුගාමිකයන් පෙන්නලා දෙයි. 20 ඒත් මං භූතයන්ව එළවන්නේ දෙවියන්ගේ බලයෙන්*+ නම් දෙවියන්ගේ රාජ්‍යය ඔයාලා ළඟටම ඇවිත් කියලා දැනගන්න.+ ඒත් ඔයාලා ඒක තේරුම් අරන් නැහැ. 21 හිතන්න මේ උදාහරණේ ගැන. අවිආයුධ අතේ තියාගෙන ඉන්න ශක්තිමත් කෙනෙක් එයාගේ මාලිගාව මුර කරද්දී එයාට අයිති හැම දේම ආරක්ෂිතව තියෙනවා. 22 ඒත් එයාට වඩා ශක්තිමත් කෙනෙක් ඇවිත් එයාට ගහලා එයාව පරද්දනවා. ඒ වගේම ආරක්ෂාවක් වෙයි කියලා එයා හිතාගෙන හිටපු ආයුධ ඔක්කොමත් ඒ කෙනා පැහැරගෙන යනවා. ඊටපස්සේ එයා පැහැරගත්ත දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. 23 කෙනෙක් මගේ පැත්තේ නෙමෙයි නම් එයා වැඩ කරන්නේ මට විරුද්ධවයි. කෙනෙක් මාත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ව රැස් කරන්නේ නැත්නම් එයා කරන්නේ මගෙන් මිනිස්සුන්ව ඈත් කරන එකයි.+
-