මතෙව් 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපිට වැරදි කරපු අයට* අපි සමාව දීලා තියෙන විදිහටම අපේ වැරදිවලටත්* සමාව දෙන්න.+ මාක් 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔයාලට කාත් එක්ක හරි ප්රශ්නයක් තියෙනවා නම් ඒ ප්රශ්නේ මොකක් වුණත් ඔයාලා යාච්ඤා කරද්දී ඒ කෙනාට සමාව දෙන්න. එහෙම කළොත් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ තාත්තා ඔයාලාගේ වැරදිවලටත් සමාව දෙයි.”+ ලූක් 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එයා දවසකට හත් වතාවක් වුණත් ඔයාලට විරුද්ධව වැරදි කරන්න පුළුවන්. ඒත් එයා ඒ හත් වතාවම ඔයාලා ළඟට ඇවිත් ‘මට සමාවෙන්න’ කියලා කිව්වොත් ඔයාලා එයාට සමාව දෙන්න ඕනේ.”+ එෆීස 4:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ වෙනුවට අනිත් අයට කරුණාවන්තව සලකන්න. එයාලට දයානුකම්පාව පෙන්නන්න.+ දෙවියන් ක්රිස්තුස් මාර්ගයෙන් අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දුන්නා. ඒ වගේ ඔයාලත් අදිමදි නොකර මුළු හදවතින්ම එකිනෙකාට සමාව දෙන්න.+ කොලොස්සි 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අනිත් අය එක්ක අමනාපයක් ඇති වෙන්න සාධාරණ හේතු තිබුණත්+ දිගටම එයාලා ගැන ඉවසන්න. හැම වෙලාවෙම මුළු හදවතින්ම එයාලට සමාව දෙන්න.+ යෙහෝවා* අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දීලා තියෙනවා වගේ ඔයාලත් ඒ විදිහටම එයාලට සමාව දෙන්න.+
25 ඔයාලට කාත් එක්ක හරි ප්රශ්නයක් තියෙනවා නම් ඒ ප්රශ්නේ මොකක් වුණත් ඔයාලා යාච්ඤා කරද්දී ඒ කෙනාට සමාව දෙන්න. එහෙම කළොත් ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ තාත්තා ඔයාලාගේ වැරදිවලටත් සමාව දෙයි.”+
4 එයා දවසකට හත් වතාවක් වුණත් ඔයාලට විරුද්ධව වැරදි කරන්න පුළුවන්. ඒත් එයා ඒ හත් වතාවම ඔයාලා ළඟට ඇවිත් ‘මට සමාවෙන්න’ කියලා කිව්වොත් ඔයාලා එයාට සමාව දෙන්න ඕනේ.”+
32 ඒ වෙනුවට අනිත් අයට කරුණාවන්තව සලකන්න. එයාලට දයානුකම්පාව පෙන්නන්න.+ දෙවියන් ක්රිස්තුස් මාර්ගයෙන් අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දුන්නා. ඒ වගේ ඔයාලත් අදිමදි නොකර මුළු හදවතින්ම එකිනෙකාට සමාව දෙන්න.+
13 අනිත් අය එක්ක අමනාපයක් ඇති වෙන්න සාධාරණ හේතු තිබුණත්+ දිගටම එයාලා ගැන ඉවසන්න. හැම වෙලාවෙම මුළු හදවතින්ම එයාලට සමාව දෙන්න.+ යෙහෝවා* අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දීලා තියෙනවා වගේ ඔයාලත් ඒ විදිහටම එයාලට සමාව දෙන්න.+