-
මාක් 15:29-32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 ඒ ස්ථානය පහු කරගෙන යන එන අය තමන්ගේ ඔළුව වනවන+ ඔහුට මෙහෙම නින්දා කළා. “ඔයා මහ ලොකුවට කිව්වේ දේවමාලිගාව කඩලා දාලා දවස් තුනකින් ඒක ආපහු හදනවා කියලා.+ 30 දැන් ඉතින් ඔයාට පුළුවන්නේ ඔය වධකණුවෙන්* බැහැලා එන්න.” 31 ඒ විදිහටම නායක පූජකයෝයි, නීතිය පිටපත් කරන අයයි ඔහුට නින්දා කරකර එයාලා අතරේ මෙහෙම කතා වුණා. “අනිත් අයව නම් එයා බේරගත්තා. හැබැයි එයාට එයාවම බේරගන්න බැහැ.+ 32 එයා ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වන ක්රිස්තුස්නේ. දැන් එයා වධකණුවෙන්* බැහැලා ආවොත් අපි අනිවාර්යයෙන්ම එයාව විශ්වාස කරනවා.”+ යේසුස්ට දෙපැත්තෙන් කණුවල එල්ලලා හිටපු දෙන්නාත් ඔහුට අපහාස කළා.+
-