-
මතෙව් 8:24-27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ටික වෙලාවකින් බෝට්ටුව දරුණු කුණාටුවකට අහු වුණා. බෝට්ටුව වැහිලා යන තරමටම රළ පහර උඩට ගැහුවා. ඒත් යේසුස් නිදාගෙනයි හිටියේ.+ 25 ඉතින් ගෝලයෝ යේසුස්ව ඇහැරවලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපිව බේරගන්න. අපි මැරෙන්නයි යන්නේ.” 26 ඒත් ඔහු “ඇයි ඔයාලා මෙච්චර බය වෙලා? ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දුන්නේ ඇයි” කියලා ඇහුවා.+ ඊටපස්සේ යේසුස් නැඟිටලා, හුළඟටත් මුහුදටත් තදින් කතා කළා. එතකොට මුහුද සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා.+ 27 ඒක දැක්කාම එයාලා පුදුමයෙන් මෙහෙම කිව්වා. “ඇත්තටම මේ කවුද? හුළඟත් මුහුදත් ඔහු කියන දේ අහනවා.”
-
-
ලූක් 8:23-25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔහොම යද්දී යේසුස්ට නින්ද ගියා. ඔය අතරේ එකපාරටම දරුණු කුණාටුවක් හමන්න ගත්තා. බෝට්ටුව වතුරෙන් පිරිලා ඒක ගිලෙන්න පටන්ගත්තා.+ 24 ඉතින් එයාලා යේසුස් ළඟට ගිහින් ඔහුව ඇහැරවලා “ගුරුතුමනි, ගුරුතුමනි, අපි මැරෙන්නයි යන්නේ” කියලා කිව්වා. ඔහු නැඟිටලා හුළඟටත් රළ පහරටත් තදින් කතා කළා. එතකොට කුණාටුව නතර වෙලා මුහුද සම්පූර්ණයෙන්ම නිශ්චල වුණා.+ 25 ඊටපස්සේ ඔහු එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලාගේ විශ්වාසයට මොකද වුණේ?” ඒ වෙලාවේ එයාලා හිටියේ හොඳටම බය වෙලා. එයාලා පුදුමයෙන් මෙහෙම කතා වුණා. “ඇත්තටම මේ කවුද? ඔහු හුළඟටත් මුහුදටත් අණ දෙනවා. ඒවාත් ඔහු කියන දේ අහනවා.”+
-