-
මතෙව් 17:14-17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 එයාලා සෙනඟ ඉන්න තැනට ආවාම+ මිනිසෙක් යේසුස් ළඟට ඇවිත් ඔහු ඉස්සරහා දණින් වැටිලා මෙහෙම කිව්වා. 15 “ස්වාමීනි, මගේ පුතාට අනුකම්පා කරන්න.* එයා ගොඩක් අසනීපෙන් ඉන්නේ. එයා මීමැස්මොර රෝගියෙක්. එයා නිතරම වගේ ගින්දරටයි, වතුරටයි ගිහින් වැටෙනවා.+ 16 මං පුතාව ඔබේ ගෝලයන් ගාවට එක්කගෙන ආවාට එයාව සුව කරන්න එයාලට බැරි වුණා.” 17 එතකොට යේසුස් මෙහෙම කිව්වා. “අනේ, විශ්වාසයක් නැති පව්කාර පරම්පරාව,+ මං තව කොච්චර කාලයක් ඔයාලා එක්ක ඉන්න ඕනෙද? තව කොච්චර කාලයක් ඔයාලා කරන දේවල් ඉවසන් ඉන්නද? දරුවාව මං ළඟට ගේන්න.”
-
-
ලූක් 9:38-42ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
38 ඒ සෙනඟ අතරේ හිටපු කෙනෙක් කෑගහලා මෙහෙම කිව්වා. “ගුරුතුමනි, අනේ ඇවිත් මගේ පුතාට උදව් කරන්න. මට ඉන්න එකම පුතා එයායි.+ 39 එයාට එකපාරටම භූතයෙක් වැහෙනවා. එහෙම වෙද්දී එයා කෑගහලා පෙණ දදා බිම පෙරළෙනවා. භූතයා ලේසියෙන් දරුවාගෙන් පිට වෙන්නෙත් නැහැ. පිට වෙලා ගියත් යන්නේ දරුවාට තුවාල කරලයි. 40 භූතයාව එළවන්න කියලා ඔබේ ගෝලයන්ගෙන් මං කීප සැරයක්ම ඉල්ලුවා. ඒත් එයාලට ඒක කරන්න බැරි වුණා.” 41 එතකොට යේසුස් මෙහෙම කිව්වා. “අනේ, විශ්වාසයක් නැති පව්කාර පරම්පරාව,+ මං තව කොච්චර කාලයක් ඔයාලා එක්ක ඉන්න ඕනෙද? තව කොච්චර කාලයක් ඔයාලා කරන දේවල් ඉවසන් ඉන්නද? දැන් ඔයාගේ පුතාව මං ළඟට අරන් එන්න.”+ 42 ඒත් දරුවාව එතනට අරන් එද්දීත් භූතයා එයාව බිම වට්ටලා හරිම දරුණු විදිහට එයාගේ මුළු ඇඟම ගැහෙන්න සැලැස්සුවා. ඒ වෙලාවේ යේසුස් භූතයාට සැරෙන් කතා කරලා දරුවාව භූතයාගෙන් නිදහස් කළා. ඊටපස්සේ ඔහු දරුවාව එයාගේ තාත්තාට භාර දුන්නා.
-