-
මතෙව් 26:47-51ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
47 යේසුස් කතා කරකර ඉද්දීම දොළොස්දෙනාගෙන් කෙනෙක් වුණ යූදස් එතනට ආවා. එයාත් එක්ක කඩු, පොලු අරගෙන ලොකු සෙනඟකුත් ආවා. නායක පූජකයන් සහ සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන් තමයි ඒ පිරිසව එවලා තිබුණේ.+
48 යේසුස්ව පාවලා දෙන කෙනා එයාලට මේ වගේ ලකුණක් දෙනවා කියලා කලින්ම කියලා තිබුණා. “මං ගිහින් ඉඹින කෙනාව තමයි ඔයාලා අල්ලගන්න ඕනේ. එයාව අත්අඩංගුවට ගන්න.” 49 යූදස් කෙළින්ම යේසුස් ළඟට ගිහින් “සුබ දවසක් රබ්බි” කියලා ඔහුගේ මූණ ඉම්බා. 50 ඒත් යේසුස් “ඔයා ආවේ මොනවා කරන්නද” කියලා එයාගෙන් ඇහුවා.+ ඊටපස්සේ එතන හිටපු අය ඉස්සරහට ඇවිත් යේසුස්ව අත්අඩංගුවට ගත්තා. 51 යේසුස් එක්ක හිටපු අයගෙන් කෙනෙක් එයාගේ කඩුව අරගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නා. ඒ දාසයාගේ කන කැපිලා ගියා.+
-
-
ලූක් 22:47-51ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
47 යේසුස් කතා කරකර ඉද්දීම එතනට ලොකු සෙනඟක් ආවා. එයාලව එතනට අරන් ඇවිත් තිබුණේ දොළොස්දෙනාගෙන් කෙනෙක් වුණ යූදස්. යූදස් යේසුස් ළඟට ඇවිත් ඔහුගේ මූණ ඉම්බා.+ 48 එතකොට යේසුස් “යූදස්, ඔයා මනුෂ්‍ය පුත්‍රයාව පාවලා දෙන්නේ මේ විදිහට මූණ ඉඹලාද” කියලා එයාගෙන් ඇහුවා. 49 වෙන්න යන දේ දැක්කාම යේසුස් වටේ හිටපු ගෝලයෝ ඇහුවා “ස්වාමීනි, අපි මෙයාලට කඩුවෙන් පහර දෙන්නද” කියලා. 50 එයාලාගෙන් එක් කෙනෙක් එයාගේ කඩුව අරගෙන උත්තම පූජකයාගේ දාසයාට පහර දුන්නා. ඒ දාසයාගේ දකුණු කන කැපිලා ගියා.+ 51 ඒත් යේසුස් “දැන් ඇති. ඕක නවත්තන්න” කියලා කිව්වා. ඊටපස්සේ ඔහු ඒ දාසයාගේ තුවාලය අල්ලලා එයාගේ කන සුව කළා.
-