24 තමන්ගේ උත්සාහයෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලත් කෝලහලයක් ඇති වෙන්න පටන් අරන් කියලත් පිලාත් දැක්කා. ඒ නිසා එයා සෙනඟට පේන්න වතුර ටිකක් අරගෙන එයාගේ අත් දෙක හෝදන ගමන් මෙහෙම කිව්වා. “මේ මිනිසාගේ මරණයට මං නම් වග කියන්නේ නැහැ. ඒකට වග කියන්න ඕනෙ ඔයාලයි.”