-
මතෙව් 8:28, 29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඊටපස්සේ ඔහු එගොඩ තිබුණ ගදරීනවරුන්ගේ පළාතට ආවා. එහෙදී භූතයන් වැහුණු මිනිස්සු දෙන්නෙක් සොහොන් ගෙවල්* තිබුණ පැත්තේ ඉඳන් ඔහු ළඟට ආවා.+ එයාලා හිතාගන්නවත් බැරි තරම් දරුණු අය නිසා ඒ පාරෙන් යන්න කිසි කෙනෙක්ට ධෛර්යයක් තිබුණේ නැහැ. 29 එයාලා කෑගගහා මෙහෙම කිව්වා. “දෙවියන්ගේ පුත්රය, ඔබ මොකටද මෙහෙට ආවේ?+ ඔබ ආවේ නියමිත කාලෙට කලින්+ අපිට වධ දෙන්නද?”+
-