-
මතෙව් 16:13-16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 යේසුස්, සිසේරිය ෆිලිප්පිය කියන ප්‍රදේශයට ගියා. එහෙදී ඔහු ගෝලයන්ගෙන් මෙහෙම ඇහුවා. “මිනිස්සු කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා කවුරු කියලද?”+ 14 ගෝලයෝ මෙහෙම උත්තර දුන්නා. “සමහරු කියනවා ඔයා යොහන් බව්තීස්ත කියලා.+ තව අය කියනවා ඔයා එලියා කියලා.+ තවත් අය කියනවා ඔයා යෙරෙමියා කියලා. එහෙම නැත්නම් අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් කියලා.” 15 ඒ වෙලාවේ ඔහු මෙහෙම ඇහුවා. “එතකොට ඔයාලා හිතන්නේ මං කවුරු කියලද?” 16 “ඔයා ක්‍රිස්තුස්,+ ජීවමාන දෙවියන්ගේ පුතා”+ කියලා සීමොන් පේතෘස් උත්තර දුන්නා.
-
-
මාක් 8:27-30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 ඊටපස්සේ යේසුස් සහ ඔහුගේ ගෝලයන් සිසේරිය ෆිලිප්පියේ තියෙන ගම්වලට යන්න පිටත් වුණා. එහෙට යන අතරේදී ඔහු ගෝලයන්ගෙන් මෙහෙම ඇහුවා. “මිනිස්සු කියන්නේ මම කවුරු කියලද?”+ 28 ගෝලයෝ මෙහෙම උත්තර දුන්නා. “මිනිස්සු කියනවා ඔයා යොහන් බව්තීස්ත+ කියලා. තවත් අය කියනවා ඔයා එලියා+ කියලා. තවත් සමහරු කියනවා ඔයා අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක් කියලා.” 29 ඒ වෙලාවේ යේසුස් එයාලාගෙන් මෙහෙම ඇහුවා. “එතකොට ඔයාලා හිතන්නේ මං කවුරු කියලද?” “ඔයා ක්‍රිස්තුස්”+ කියලා පේතෘස් උත්තර දුන්නා. 30 එතකොට යේසුස් එයාලට තදින්ම කිව්වා තමන් කවුද කියන එක ගැන කාටවත් කියන්න එපා කියලා.+
-