-
මතෙව් 20:29-34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 එයාලා යෙරිකෝවෙන් පිටත් වෙලා යද්දී ලොකු සෙනඟක් ඔහුගේ පිටිපස්සෙන් ගියා. 30 පාර අයිනේ ඉඳගෙන හිටිය අන්ධ මිනිස්සු දෙන්නෙක් යේසුස් එතනින් යනවා කියලා දැනගෙන “ස්වාමීනි, දාවිත්ගේ පුතා, අපිට අනුකම්පා කරන්න”*+ කියලා කෑගහලා කිව්වා. 31 ඒත් සෙනඟ එයාලට කෑගහන්න එපා කියලා සැර කරන්න පටන්ගත්තා. ඒත් ඒ දෙන්නා තව තවත් හයියෙන් කෑගහලා මෙහෙම කිව්වා. “ස්වාමීනි, දාවිත්ගේ පුතා, අපිට අනුකම්පා කරන්න.”* 32 ඉතින් යේසුස් නැවතිලා එයාලට එන්න කියලා “මං මොනවාද ඔයාලා වෙනුවෙන් කරන්න ඕනෙ” කියලා ඇහුවා. 33 එතකොට ඒ දෙන්නා මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපිට පෙනීම ලබා දෙන්න.” 34 යේසුස්ට එයාලා ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙලා එයාලාගේ ඇස් ඇල්ලුවා.+ ඒ වෙලාවෙම ඒ දෙන්නාට පෙනීම ලැබුණා. ඊටපස්සේ එයාලා යේසුස්ගේ පිටිපස්සෙන් ආවා.
-
-
මාක් 10:46-52ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
46 ඊටපස්සේ එයාලා යෙරිකෝවට ආවා. ඔහු තමන්ගේ ගෝලයන් සහ විශාල සෙනඟක් එක්ක යෙරිකෝවෙන් පිටත් වෙලා යද්දී අන්ධ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගෙන හිටියා. එයා (තිමේයස්ගේ පුතා වුණ) බාතිමේයස්.+ 47 එතනින් යන්නේ නාසරෙත්වලින් ආපු යේසුස් කියලා දැනගත්තාම එයා මෙහෙම කෑගහන්න පටන්ගත්තා. “දාවිත්ගේ පුතා+ යේසුස්, මට අනුකම්පා කරන්න.”*+ 48 ඒක ඇහුණ හුඟදෙනෙක් කෑගහන්න එපා කියලා එයාට සැර කරන්න පටන්ගත්තා. ඒත් එයා තව තවත් හයියෙන් කෑගහලා මෙහෙම කිව්වා. “දාවිත්ගේ පුතා, මට අනුකම්පා කරන්න.”* 49 ඉතින් යේසුස් නැවතිලා “එයාට එන්න කියන්න” කියලා කිව්වා. එතකොට මිනිස්සු අන්ධ මනුස්සයාට අඬගහලා මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. නැඟිටලා යන්න. ඔහු ඔයාට අඬගහනවා.” 50 එයා පිට වස්ත්රය ගලවලා දාලා ඉක්මනින්ම නැඟිටලා යේසුස් ළඟට ගියා. 51 එතකොට යේසුස් “මං මොනවාද ඔයා වෙනුවෙන් කරන්න ඕනෙ” කියලා එයාගෙන් ඇහුවා. අන්ධ මනුස්සයා මෙහෙම කිව්වා. “ගුරුතුමනි,* මට පෙනීම ලබා දෙන්න.” 52 යේසුස් එයාට මෙහෙම කිව්වා. “දැන් යන්න. ඔයාගේ විශ්වාසය නිසා ඔයා සුව වුණා.”+ ඒ වෙලාවෙම එයාට පෙනීම ලැබුණා.+ ඊටපස්සේ එයා සෙනඟත් එක්ක යේසුස්ගේ පස්සෙන් ගියා.
-