එසකියෙල් 34:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “නැති වුණ බැටළුවන්ව මම හොයාගෙන යනවා.+ අතරමං වුණ බැටළුවන්ව මං අරන් එනවා. තුවාල වුණ උන්ට බෙහෙත් බඳිනවා. දුර්වල උන්ව ශක්තිමත් කරනවා. ඒත් මහත එකාවයි, ශක්තිමත් එකාවයි මම විනාශ කරලා දානවා. කෑම විදිහට මං උන්ට දෙන්නේ මගේ විනිශ්චය.” මතෙව් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ගිහින් ‘මට වටින්නේ දයාව මිසක් පූජාවන් නෙමෙයි’+ කියන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මොකද මම ආවේ වැරදි කරන අයට උදව් කරන්න මිසක් ධර්මිෂ්ඨයන්ට උදව් කරන්න නෙමෙයි.” මතෙව් 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එතකොට ඔහු මෙහෙම කිව්වා. “නැති වුණ බැටළුවන් වගේ ඉන්න ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරන්නයි මාව එව්වේ. වෙන අයට උදව් කරන්න නෙමෙයි.”+ ලූක් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔයාලා අතරේ ඉන්න කෙනෙක්ට බැටළුවන් 100ක් ඉන්නවා කියලා හිතන්න. උන්ගෙන් එකෙක් නැති වුණොත් ඒ කෙනා අනිත් 99දෙනාවම පාළුකරයේ තියලා නැති වුණ බැටළුවාව හොයාගෙන යන්නේ නැද්ද? ඒ කෙනා ඒ බැටළුවාව හම්බ වෙන කල්ම ඌව හොයාගෙන යනවා.+ රෝම 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒත් ක්‍රිස්තුස් අපි වෙනුවෙන් මැරුණේ අපි පව්කාරයන් වෙලා ඉද්දියි.+ අපි ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා දෙවියන් පෙන්නුවේ ඒ විදිහටයි. 1 තිමෝති 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ක්‍රිස්තුස් යේසුස් මේ ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවගන්න.+ ඒක විශ්වාස කරන්න පුළුවන්, පිළිගන්න ඕනෙ සත්‍යයක්. ඒ පව්කාරයන් අතරින් වැඩියෙන්ම පව් කරලා තියෙන්නේ මමයි.+
16 “නැති වුණ බැටළුවන්ව මම හොයාගෙන යනවා.+ අතරමං වුණ බැටළුවන්ව මං අරන් එනවා. තුවාල වුණ උන්ට බෙහෙත් බඳිනවා. දුර්වල උන්ව ශක්තිමත් කරනවා. ඒත් මහත එකාවයි, ශක්තිමත් එකාවයි මම විනාශ කරලා දානවා. කෑම විදිහට මං උන්ට දෙන්නේ මගේ විනිශ්චය.”
13 ගිහින් ‘මට වටින්නේ දයාව මිසක් පූජාවන් නෙමෙයි’+ කියන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මොකද මම ආවේ වැරදි කරන අයට උදව් කරන්න මිසක් ධර්මිෂ්ඨයන්ට උදව් කරන්න නෙමෙයි.”
24 එතකොට ඔහු මෙහෙම කිව්වා. “නැති වුණ බැටළුවන් වගේ ඉන්න ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරන්නයි මාව එව්වේ. වෙන අයට උදව් කරන්න නෙමෙයි.”+
4 “ඔයාලා අතරේ ඉන්න කෙනෙක්ට බැටළුවන් 100ක් ඉන්නවා කියලා හිතන්න. උන්ගෙන් එකෙක් නැති වුණොත් ඒ කෙනා අනිත් 99දෙනාවම පාළුකරයේ තියලා නැති වුණ බැටළුවාව හොයාගෙන යන්නේ නැද්ද? ඒ කෙනා ඒ බැටළුවාව හම්බ වෙන කල්ම ඌව හොයාගෙන යනවා.+
8 ඒත් ක්‍රිස්තුස් අපි වෙනුවෙන් මැරුණේ අපි පව්කාරයන් වෙලා ඉද්දියි.+ අපි ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා දෙවියන් පෙන්නුවේ ඒ විදිහටයි.
15 ක්‍රිස්තුස් යේසුස් මේ ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවගන්න.+ ඒක විශ්වාස කරන්න පුළුවන්, පිළිගන්න ඕනෙ සත්‍යයක්. ඒ පව්කාරයන් අතරින් වැඩියෙන්ම පව් කරලා තියෙන්නේ මමයි.+