-
නික්මයාම 26:31-33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 “නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කරලා තිර රෙද්දක් හදන්න.+ ඒකේ කෙරුබ්වරුන්ගේ රූප මැසිය යුතුයි. 32 ඇකේෂියා ලීවලින් කණු හතරක් හදලා ඒවාට රන් ආලේප කරන්න. රිදී අඩි හතරක් යොදාගෙන ඒවා පොළොවේ රඳවන්න. තිර රෙද්ද එල්ලන්න කණුවලට රන් ඇණ සවි කරන්න. 33 කොකුවලින් ඒ තිර රෙද්ද එල්ලිය යුතුයි. තිර රෙද්දෙන් වෙන් වෙලා තියෙන කොටස ඇතුළට ගිවිසුම් පෙට්ටිය* ගෙනියන්න.+ අතිශුද්ධස්ථානය+ සහ ශුද්ධස්ථානය+ වෙන් කරන්නේ ඒ තිර රෙද්දෙන්.
-