නික්මයාම 16:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සබත පවත්වන්න අණ කළේ යෙහෝවා වන මමයි කියලා අමතක කරන්න එපා.+ හයවෙනි දවසේදී දවස් දෙකකට ඇති වෙන්න මං ඔයාලට කෑම දෙන්නේ ඒ නිසයි. හත්වෙනි දවසේදී හැම කෙනෙක්ම තම තමන්ගේ ගෙවල්වලටම වෙලා ඉන්න ඕනේ. කිසිම කෙනෙක්ට කොහෙවත් යන්න අවසර නැහැ.” නික්මයාම 20:9, 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ දවස් හයක්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න.+ 10 ඒත් හත්වෙනි දවස ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක්. එදාට ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාස දාසීන්වත් ඔබේ සත්තුන්වත් ඔබේ නුවරේ ජීවත් වෙන විදේශිකයන්වත් කිසි වැඩක් නොකළ යුතුයි.+ නික්මයාම 31:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. එදාට ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ මොකද යෙහෝවා වන මං ඒක සලකන්නේ ශුද්ධ දවසක් විදිහට. කවුරු හරි එදාට වැඩ කළොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ද්විතීය කතාව 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා අණ කරපු විදිහටම සබත් දවස පැවැත්විය යුතුයි. ඒක ශුද්ධ දවසක් විදිහට සලකන්න.+
29 සබත පවත්වන්න අණ කළේ යෙහෝවා වන මමයි කියලා අමතක කරන්න එපා.+ හයවෙනි දවසේදී දවස් දෙකකට ඇති වෙන්න මං ඔයාලට කෑම දෙන්නේ ඒ නිසයි. හත්වෙනි දවසේදී හැම කෙනෙක්ම තම තමන්ගේ ගෙවල්වලටම වෙලා ඉන්න ඕනේ. කිසිම කෙනෙක්ට කොහෙවත් යන්න අවසර නැහැ.”
9 ඔබ දවස් හයක්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න.+ 10 ඒත් හත්වෙනි දවස ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක්. එදාට ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාස දාසීන්වත් ඔබේ සත්තුන්වත් ඔබේ නුවරේ ජීවත් වෙන විදේශිකයන්වත් කිසි වැඩක් නොකළ යුතුයි.+
15 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. එදාට ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ මොකද යෙහෝවා වන මං ඒක සලකන්නේ ශුද්ධ දවසක් විදිහට. කවුරු හරි එදාට වැඩ කළොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.
12 “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා අණ කරපු විදිහටම සබත් දවස පැවැත්විය යුතුයි. ඒක ශුද්ධ දවසක් විදිහට සලකන්න.+