-
ද්විතීය කතාව 12:5, 6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඒ වෙනුවට ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔයාලා නමස්කාර කරන්න ඕනෙ ඔහු තෝරගන්න තැනට ගිහිල්ලා. ඔයාලාගේ ගෝත්රවලට දීලා තියෙන ප්රදේශ අතරින් දෙවියන් ඔහුගේ නම වෙනුවෙන් ඔහුගේ වාසස්ථානය හැටියට තෝරගන්න තැනට ඔයාලා යන්න ඕනේ.+ 6 ඔයාලා ඔප්පු කරන දවන පූජාවන්,+ වෙනත් පූජාවන් සහ ඔයාලා වෙන් කරන දහයෙන් කොටස්+ ඔයාලා ගෙනියන්න ඕනෙ එතනටයි. භාර හැටියට සහ කැමැත්තෙන් දෙන පූජා,+ ගව රැළේ සහ එළු බැටළු රැළේ කුලුඳුල් සතුන්+ වගේම දෙවියන් වෙනුවෙන් දෙන වෙන ඕනෙම දෙයක්+ ඔයාලා ගෙනියන්න ඕනෙත් එතනටයි.
-
-
ගීතාවලිය 122:පෙර සටහන-9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.
122 “යෙහෝවාගේ ගෘහයට අපි යමු” කියලා
ඔවුන් මට කිව්වාම මට ලොකු සතුටක් දැනුණා.+
4 යාහ්ට* අයිති ගෝත්රවල අය ඒ නුවරට නැඟ ගිහින්.
ඒ අය, ඊශ්රායෙල් සෙනඟට දුන්න සිහිගැන්වීමට කීකරු වෙලා,
යෙහෝවාගේ නමට ස්තුති ප්රශංසා කරන්න ඒ නුවරට ගිහින්.+
6 ජනයෙනි, යෙරුසලමට සාමය ඉල්ලලා යාච්ඤා කරන්න.+
යෙරුසලම, ඔබට ආදරේ කරන අයට සුරක්ෂිතව ඉන්න ලැබෙනවා.
7 ඔබේ පවුරු ඇතුළේ හැමදාම සමාදානය තිබේවා!
ඔබේ බලකොටු ඇතුළේ ඉන්න හැමෝටම සුරක්ෂිතව ඉන්න ලැබේවා!
8 මගේ සහෝදරයන් සහ මිතුරන් වෙනුවෙන් මම මෙහෙම ඉල්ලනවා.
“යෙරුසලම, ඔබ තුළ හැමදාම සමාදානය තිබේවා!”
-