ලූක් 12:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 මට වෙනස් විදිහේ බව්තීස්මයකට මුහුණ දෙන්න වෙනවා. ඒ බව්තීස්මය ඉවර වෙන කල් මං ඉන්නේ ලොකු පීඩනයකින්!+ ලූක් 22:41, 42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඊටපස්සේ ඔහු එයාලා හිටපු තැන ඉඳන් ටික දුරක් තනියම ඇවිදගෙන ගිහින්* දණින් වැටිලා යාච්ඤා කරන්න පටන්ගත්තා. 42 ඔහු මෙහෙම කිව්වා. “තාත්තේ, ඔයා කැමති නම් මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+ හෙබ්‍රෙව් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ක්‍රිස්තුස් පොළොවේ ජීවත් වුණ කාලේදී කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් තමාව මරණයෙන් ගලවගන්න පුළුවන් තැනැත්තාණන්ට කන්නලව් කළා.+ ඔහුට ඉල්ලීම් ඉදිරිපත් කළා. යේසුස්ගේ හිතේ දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ නිසා ඔහුගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා.
41 ඊටපස්සේ ඔහු එයාලා හිටපු තැන ඉඳන් ටික දුරක් තනියම ඇවිදගෙන ගිහින්* දණින් වැටිලා යාච්ඤා කරන්න පටන්ගත්තා. 42 ඔහු මෙහෙම කිව්වා. “තාත්තේ, ඔයා කැමති නම් මේ කුසලානය මගෙන් අයින් කරන්න. ඒත් වෙන්න ඕනෙ මං කැමති දේ නෙමෙයි ඔයා කැමති දේ.”+
7 ක්‍රිස්තුස් පොළොවේ ජීවත් වුණ කාලේදී කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් තමාව මරණයෙන් ගලවගන්න පුළුවන් තැනැත්තාණන්ට කන්නලව් කළා.+ ඔහුට ඉල්ලීම් ඉදිරිපත් කළා. යේසුස්ගේ හිතේ දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ නිසා ඔහුගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා.