-
ලූක් 10:25-28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ඒ වෙලාවේ නීතිය ගැන හොඳ දැනුමක් තිබුණ කෙනෙක් නැඟිටලා යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ?”+ එයා එහෙම ඇහුවේ යේසුස්ගේ වරදක් අල්ලගන්න හිතාගෙනයි. 26 යේසුස් එයාගෙන් ඇහුවා “නීතියේ මොනවාද ලියලා තියෙන්නේ? ඒක කියවද්දී ඔයාට තේරුණේ මොකක්ද” කියලා. 27 එතකොට එයා මෙහෙම කිව්වා. “‘ඔයාලාගේ දෙවි වන යෙහෝවාට* මුළු හදවතින්ම ආදරේ කරන්න. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙන්න ඕනේ. ඔයාලාගේ හැම සිතුවිල්ලකින්ම ඒක පැහැදිලි වෙන්න ඕනේ.+ ඔහුට තියෙන ආදරේ වෙනුවෙන් ඔයාලාගේ මුළු ශක්තියම* වැය කරන්න.’ ඒ වගේම ‘ඔයාලා ඔයාලටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාටත් ආදරේ කරන්න.’”+ 28 ඉතින් යේසුස් “ඔයා කියපු දේ හරි. දිගටම එහෙම කරන්න. එතකොට ඔයාට සදාකාල ජීවනය ලැබෙයි”+ කියලා එයාට කිව්වා.
-