2 එයාලා යෙහෝවා දෙවියන්ට සේවය කරමින් නිරාහාරව හිටපු වෙලාවක දෙවියන්ගේ බලයෙන් එයාලට මෙහෙම දැන්නුවා. “මම බානබස්වයි, සාවුල්වයි විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.+ දැන් එයාලට ඒ වැඩේ භාර දෙන්න.”+ 3 ඉතින් එයාලා නිරාහාරව ඉඳලා යාච්ඤා කළා. ඊටපස්සේ එයාලා ඒ දෙන්නා පිට අත් තියලා එයාලව පිටත් කරලා යැව්වා.