-
නික්මයාම 3:2-10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඒ වෙලාවේ මෝසෙස් දැක්කා කටු පඳුරකින් ගින්නක් ඇවිළෙනවා.+ ඒ ගින්න මැද යෙහෝවා දෙවියන්ගේ දූතයා ඉන්නවා එයා දැක්කා. හැබැයි පඳුර ඇවිළෙමින් තිබුණත් ඒක පිච්චිලා ගියේ නැහැ. 3 “මේක නම් හරි පුදුමයක්! කටු පඳුර පිච්චෙන්නේ නැත්තේ ඇයි කියලා ගිහින් බලන්න ඕනෙ” කියලා මෝසෙස් හිතුවා. 4 මෝසෙස් කටු පඳුර ළඟට යද්දී යෙහෝවා දෙවියන් පඳුර අතරින් “මෝසෙස්! මෝසෙස්” කියලා කිව්වා. එතකොට මෝසෙස් කිව්වා “කියන්න මගේ ස්වාමීනි” කියලා. 5 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “පඳුර ළඟට එන්න එපා. ඔයා හිටගෙන ඉන්න තැන ශුද්ධයි. ඒ නිසා ඔයාගේ පාවහන් ගලවන්න.”
6 දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත්+ ඊසාක්ගෙත්+ යාකොබ්ගෙත්+ දෙවියන් මමයි.” එතකොට මෝසෙස් සැබෑ දෙවියන් දිහා බලන්න බය වුණ නිසා එයාගේ මුහුණ වහගත්තා. 7 ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “ඊජිප්තුවේ ඉන්න මගේ සෙනඟ විඳින දුක් ගැහැට මට පේනවා. ඊජිප්තුවරුන් බලෙන් වැඩ ගන්න නිසා එයාලා අඬඅඬ මට එයාලාගේ දුක කියනවා. ඒ කන්නලව් මට ඇහෙනවා. එයාලාගේ වේදනාව මට හොඳටම තේරෙනවා.+ 8 මම මගේ සෙනඟව බේරගෙන ඊජිප්තුවෙන් පිටතට අරන් යනවා.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ දේශයට+ මං එයාලව අරන් යනවා. ඒක ඇති තරම් ඉඩකඩ තියෙන, කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයක්.+ 9 ඊශ්‍රායෙල්වරුන් අඬඅඬ මට කරන කන්නලව් මට ඇහෙනවා. ඊජිප්තුවරුන් එයාලට කොච්චර කුරිරු විදිහට හිංසා කරනවාද කියලා මට පේනවා.+ 10 ඒ නිසා මම ඔයාව පාරාවෝ ළඟට යවනවා. ඔයා ගිහින් මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට අරන් එන්න.”+
-